- පාසලේ පවත්නා විනය නීති රීතිවලට අනුකූලව හැසිරිය යුතුය.
- විද්‍යාල භූමිය හා වෙනත් ස්ථානවල පාසලට අගෞරවයක් වනසේ හැසිරීම සපුරා තහනම් වේ.
- සියලු සිසුන් උදය රැස්වීමට අනිවාර්යයෙන් සහභාගි විය යුතුය.
- විනය විරෝධී හැසිරීමක දී විනයානුකූල පරීක්ෂණවල තීරණවලට අනුව කටයුතු කිරීමට සිදුවනු ඇත.
- පාසල් කාලය තුළ පන්ති කාමර ඉදිරිපිට හෝ කොරිඩෝවක නිකරුනේ රැදී සිටීම නොකළ යුතුය.
- පාසල් ආචාර්ය මණ්ඩලය වෙත ගෞරව සම්ප්‍රයුක්ත ලෙස කටයුතු කළ යුතුය.
- විද්‍යාල භූමිය තුළ ඇති සියලුම භෞතික සම්පත්වලට කිසිදු ආකාරයක හෝ අලාභ හානියක් නොකළ යුතු අතර කිසියම් වූ අලාභ හානියක් සිදු කරනු ලැබුව හොත් එම ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් එය යථා තත්ත්වයට පත් කිරීම අනිවාර්ය වේ.
- විද්‍යාල භූමිය පිරිසිදු ලෙසත් අලංකාර ලෙසත් පවත්වාගෙන යාම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ වගකීම බව සැළකිය යුතුය.
- ආගමික වතාවත් සිදු කිරීම, ජාතික ගීය ගායනය, පාසල් ගීය ගායනය යන අවස්ථාවල තමන් රැදී සිටින ස්ථානයේ සිටම ඒ සදහා ගෞරව දැක්වීම කළ යුතුය.
- සීනුවට කීකරු විය යුතුය.
- පාසල නිම වී බැහැර වීමේදී සියලුම සිසුන් දෙදෙනා බැගින් පෙළ සැදී පාසලෙන් පිට විය යුතුය.






