නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
දිනේෂා කාරියවසම්
යුගයේ අවශ්‍යතාවය අනුව පාසලේ යාවත්කාලීන වන තොරතුරු වෙබ් අඩවියක් හරහා ඡාත්‍යත්තර මට්ටමට ගෙන යාමට ඉඩහසර වෙන් වීම පිළිබද අතිශයින්ම සතුටට වෙමි. අප
පාසල ප්‍රදේශයේ පවතිත ආර්ථික හා සමාජීය පීඩනයට හසුව ඉතාම අපහසුවෙන් පවත්වාගෙන යන අර්ධ නාගරිකරණයට ලක් වූ ප්‍රදේශයක පිහිටා ඇති දරිද්‍රතාවයෙන් හා සමාජ
අසාධාරණයට ලක් වූ දරුවන් බහුලව සිටින පාසලකි. ළුසේ වුවත් පවත්නා සම්පත් කාර්ක්ෂමතාවයෙන් උපයෝජනය කරමින් ඉතා අපහසුවෙන් නව සම්පත් සපයාගනිමින්
දරුවන්ගේ දැනුම,කුසලතා හා ආකල්ප සංවර්ධනය කිරීමට යත්න දරන මොහොතක මෙම පාසල් වෙබ් අඩවිය හිමි වීම අතිශය භාග්‍යයක් කොට සලකමි. මෙමගින් දරුවන්ගේ මෙන්ම
පාසල් කාර්ය මණ්ඩලයේ ද හැකියාවන් මෙන්ම ප්‍රජා දායකත්වයන් ද ලෝකයට එළිදැක්වීමට හැකිවීම මෙන්ම දරුවන්ගේ දරුවන්ගේ අභිවෘද්ධිය උදෙසා ලෝක ප්‍රජාවගේ දායකත්වය ලබා
ගැනීමට හැකි වීම ද මෙමගින් ලැබෙන වටිනා ප්‍රතිලාභ ලෙස සලකමි.එවන් වූ වෙබ් අඩවියක් නිර්මාණය කරගැනීමට දායකත්වය සැපයූ අධ්‍යාපන අමාත්‍යංශය නිලධාරි මහතුන්,
පළාත් අධ්‍යාපන නිලධාරී මහතුන් ඇතුළු සියලුම නිළධාරී මහතුන්ට පාසලේ නියෝජ්‍ය විදුහල්පති තුමිය වශයෙන් මාගේ හෘදයාංගම කෘතඥතාව පිරිනමමි. මෙම වෙබි අඩවිය
හරහා අපගේ පාසල ජාත්‍යන්තර තලයේ දිදුලන පාසලක් වනු දැකීම මාගේ ප්‍රාර්ථනාවයි!
දිනේෂා කාරියවසම්
නියෝජ්‍ය විදුහල්පති
අ/සංගිලිකනදරාව මහා විද්‍යාලය .






