විදුහල්පති පණිවිඩය
ඒ.සී.මහදිවුල්වැව
උතුරු මැද පළාතේ අනුරාධපුර අධ්‍යාපන කලාපයේ රඹෑව අධ්‍යාපන කොට්ඨාසයේ පිහිටි සංගිලිකනදරාව නම් ගම්පියසේ පිහිටි අ/සංගිලිකනදරාව මහා විද්‍යාලය දක්ෂතා රැසකින් පිරි දරු පිරිසක් ඉගෙනුම ලබන පාසලකි. පොත පතටම සීමා වූ අධ්‍යාපන රටාවකට හුරු වී සිටි දරුවන්ගේ ඒ්කාකාරී ස්වරූපය මග හරවමින් ඔවුන්ගේ විවිධ වූ දක්ෂතා එළිදැක්වීමට, ලොවට විවිර කරන්නට අවශ්‍ය මංපෙත් මෙතුළින් ලැබේ යැයි විශ්වාස කරමි.
විශ්වයම එක් තත්පරයක දී එක් තැන් කිරීමට හැකියාවක් පවතින වත්මන්හි හුදෙකලාව සිටි අප පාසල ද ලොවට විවර කර අප සතු දායාදයන් සමග ඉදිරියට පා තැබීමට සෙසු විද්‍යාලවල මෙන් ම සමස්ත ජනයාගේ අවධානය, සහය ලබා ගැනීමට සැලැස්වීම අගය කරමි. ඒ සදහා කැපවෙමින් ක්‍රියා කළ සියලු දෙනා ම ස්තූති පූර්වක ව සිහිපත් කරන අතර ඉදිරි ගමනට සුභාශිංසන එක් කරමි.
විදුහල්පති
අ/සංගිලිකනදරාව මහා විද්‍යාලය
ඒ.සී.මහදිවුල්වැව
විදුහල්පති
අ/සංගිලිකනදරාව මහා විද්‍යාලය .






